BREAKING NEWS
Search

රාජගිරියේ තදබදයෙන් කෝටි දහයක පාඩුවක්

159

රාජගිරියේ  අධික මාර්ග තදබදය හේතුවෙන්  වසරකට රුපියල් කෝටි දහයක පමණ පාඩුවක් සිදුවන බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

කාර්යාල සේවක සේවිකාවන්  දහස් සංඛ්‍යාත පිරිසකගේ   වැඩ පැය අහිමිවීම සහ ඉන්ධන නාස්ති වීම යනාදී කරුණු හේතුවෙන් මෙම නාස්තිය සිදුවන බව ගණන් බලා ඇත.

රාජගිරියේ මාර්ග තදබදය උදය වරුවේ ඉතා දැඩි ලෙස පවතින අතර කාලයක් තිස්සේ පවතින මෙම තදබදයට විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත්ව ඇතැයි  ජනතාව පෙන්වා දෙති.

නාවල ඇතුළු  ප්‍රවේශ මාර්ගවලින්  උදය වරුවේ  රාජගිරියට ඇතුළුවීමට  උත්සාහ දරන  කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු දහස් ගණනකට මෙම තදබදය හේතුවෙන්   පැය ගණන් රස්තියාදු වීමට සිදුව ඇතැයිද  ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා විශේෂ අවධානය යොමු කර කඩිනම් විසඳුමක් ලබා දෙනු  ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *