BREAKING NEWS
Search

ඇල්ල බස් අනතුර ගැන අවසන් විමර්ශන වාර්තාව නිකුත් කෙරේ! වෙලා තියෙන දේ මෙන්න…

6618

මේ ඇල්ල බස් රථ අනතුර ගැන ඇහෙන අලුත්ම කතාව…

පුද්ගලයින් 16 දෙනෙකුට මරු කැදවමින් ඇල්ල ප්‍රදේශයේ සිදු වු බස් අනතුර පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසන් විමර්ශන වාර්තාව නිකුත් කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, තිරිංග පද්ධතියේ පැවති දෝෂය සහ රියදුරුට රථය පාලනය කිරිමට නොහැකි වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පංචපුද්ගල කමිටුව අනාවරණය කර ඇති බවයි.

එම කමිටුවේ අවසන් වාර්තාව හෙට ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යංශයට භාරදිමට නියමිතයි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ 24 වැනි කණුව ආසන්නයේදී බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වුණේ 04 වැනිදා රාත්‍රියේයි.

අනතුරින් බස් රථ රියැදුරු, තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු හා දරුවන් දෙදෙනෙකු ඇතුළු 16දෙනෙකුට දිවි අහිමි වුණා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *