BREAKING NEWS
Search

මවක් දරු තිදෙනාටත් වස දී සියදිවි හානි කරගනී – උඩුදුම්බරින් ඇහෙන හද සසල කරවන කතාව

589

උඩුදුම්බර, දඹගහපිටිය හපුදණ්ඩුවල ප්‍රදේශයේ දී මවක් සිය දරු තිදෙනාට වස පානය කිරීමට සලස්වා ඇයද වස පානය කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට එම මව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක්ය.

ඇගේ සැමියා මීට දින දෙකකට පමණ මියගොස් ඇති අතර, 34 හැවිරිදි වියේ පසු වූ ඔහු ලියුකේමියා රෝගය හේතුවෙන් එලෙස මියගොස් ඇත.

වයස අවුරුදු 12, 10 හා 5 වයස්වල පසු වූ දරු තිදෙනාද (පිරිමි දරුවන්) ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව සඳහන්.

කෙසේ නමුත් එම දරුවන් උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ ජීවිතවලට කිසිදු අවදානම නොමැති බව පොලීසිය පැවසීය.

එමෙන්ම මියගිය කාන්තාවද මානසික ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *