ඇල්ලෙදි බස් එක පෙරළෙන්න කලින් රියැදුරු ඔහුට කතා කරලා.. ඇල්ල මාරක අනතුරෙන් පසු බස්රථය බලන්න ආ හිමිකරු වෙනස්ම කතාවක් කියයි..

42604
එය සියල්ලන් අපේක්ෂා නොකළ සිද්ධියක්. ඉතින් මෙහි හිමිකරුට ඒ ආරංචිය ලැබුණු විගස ඔහුට එය දැනෙන්න ඇත්තේ කොහොමද?
ඇල්ල බස් රථ අනතුර ගැන විවිධ කතා ඇසෙද්දී, එහි හිමිකරු ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

ඇල්ලේදී බස් රථය ප්‍රපාතයට පෙරළෙන්නට කලින් එහි රියැදුරු තමන්ට දුරකථනයෙන් කතා කළැයි, එම බස් රථයේ හිමිකරුවකු වන තුෂාර ඉන්දික පවසා තිබුණා. මෙම බස්රියේ නියම හිමිකරු කේ. නිරෝෂන් සිය මිතුරා වූ තුෂාරගේ බස්වලට ලැබුණු හයර් එකට ඔහුගේ ඉල්ලීම පරිදි තම බස් රථය භාර දී තිබුණා. එසේම මේ අවස්ථාවේදී බස්‍ රිය පැදවූ රියදුරාද පුහුණු අයෙකු වූ බවත්, ඔහු මේ අනතුර සිදුවීමට පෙර පවා තමන් සමග කතා කළ බවත් මෙහිදී හිමිකරු පවසා තිබුණා.

“මේ බස් එක මගේ යාළුවකුට අයිති එකක්. බස් එකේ කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ. බස්එක නුවරට ගිය පසු රියැදුරා මට දුරකථනයෙන් කතා කළා කිසිම අවුලක් ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා.

මේ රියැදුරා ගැන මට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔහු හඳුන්වලා දුන්නෙත් මගේ යාළුවෙක්. දැන් හැමදේම වුණා.” කොහොම වුණත්, ඒ සිද්ධියෙන් පස්සේ බස් රියේ සුන්බුන් බැලීමට ආ ඔහු කියුවේ එපමණයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *