උදෙන්ම බත් කවලා කෑම එක බෑග් එකට දානකොට මාව ඉඹගෙන ඉඹගෙන දුවලා ගිහින් වෑන් එකට නැග්ගේ ආයෙ එන්නෙ නැති වෙන්න ද මගේ සුදු මැණිකේ.
අසල සිටි පිරිස මිහිදි යෙනායාගේ මව ආයාසයෙන් ඔසවා පුටුවක් මත හිඳුවනවාත් සමඟ ඇය කතා කරගැනීමට තරම් ශක්තියක් නැතිව හීන් කෙදිරියෙන්. . . . . ’’ඔයාලා මාව බලන්න ආවා නේද?ඇයි දුව එක්ක ආවෙ නැත්තේ. . . . . මගෙ හුරතලී නැතිව අපි කොහොමද ගෙදර ඉන්නේ. . . . . . . කියමින් ළඟ සිටි අයකුගේ උර හිස මතට කඳුලින් තෙත්ව තිබූ මුහුණ තබනවාත් සමඟ අසල සිටි සියල්ලන්ගේම දෑස් කඳුළින් තෙත් වී ගියේය. මිහිදි යෙනායා දියණියගේ වයස අවුරුදු දහතුනයි.
ඇය කුලියාපිටිය සුරදූත බාලිකා මහා විද්‍යාලයේ අට වසරේ ඉගෙනුම ලබමින් සිටියාය. ඉගෙනුමට මෙන්ම විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරකම්වලදී දක්ෂතා දැක්වූ ඇයට පදිංචි ගමේ කවුරුත් ආදරය කළේය.
මාර්ගයේ ගමන් ගන්නා බස් රථයක පාසල් ගමනට යොමු නොකළේ ඇයට තිබෙන්නා වූ අසීමිත සෙනෙහස ආදරය නිසාවෙනි. සෑම දිනකම උදෑසන නිෙවස අසලට වෑන් රථය පැමිණි පසු මව ඇය වෑන් රථයට කැටුව යන්නේ දහසකුත් බලාපොරොත්තු කර පින්නාෙගනය.
සිද්ධිය වූ දිනද මෙලෙස වෑන් රථයට ඇයව මව විසින් ගොඩ කළේ කිසිම කරදරයක් නොවේවායි සිතා විය හැකිය. ඇයගේ පියා ජනිත් වර්නජිත්ය.
මියගිය මිහිදි යෙනායාට එක් සොහොයුරෙක් සිටියි. ඔහුගේ වයස අවුරුදු 18කි. ජනිත් වර්නජිත් විවාහයෙන් පසු කෙටි කාලයක් විදේශ ගතව සිට මීට වසර කීහිපයකට පෙර පැමිණ සුළු ව්‍යාපාරයක් පටන් ගත්තේය. දරුවන් දෙදෙනා තනිකර නැවත විදෙස්ගත නොවීමට තීරණය කළේ දරුවන්ට මවගේ මෙන්ම පියාගේ සෙනෙහස ආදරය ලැබිය යුතු බව ඔහු සිතූ හෙයිනි.
සියල්ලන්ගේම සුසුම් මැද ඔහුන්ගේ අවසන් කටයුතු පසුගියදා සිදුවිය.


















