BREAKING NEWS
Search

ඇත්තටම ඊයේ රැ මම ලැබූ ඒ් සතුට ගැන කියන්න වචන නැහැ

1000

රවීන ගයිකා මල්කාන්ති නන්දසිරිගේ උපන් දිනය ඊයේ.

මේ වෙනුවෙන් ඇගේ දියණිය අනුරාධා සහ නැගණිය නිරංජලා අමුතුම විදිහෙ සප්‍රයිස් එකක් ඇයට ලබා දුන්නා. මේ සම්බන්ධව අපේ ප්‍රවීන ගායිකාව බොහොම සතුටින් මේ විදියට කතා කළා.

“ඇත්තටම ඊයේ රැ මම ලැබූ ඒ් සතුට ගැන කියන්න වචන නැහැ. ඒ් තරමටම මට සතුටුයි.!

සාමාන්‍යයෙන් මම හැම උපන් දිනය දවසට උදෙන්ම පල්ලි ගිහින් හවසට පන්සල් යනවා.. මගේ ආදරණීය ස්වාමි පුරුෂයා (මහාචාර්ය, සංගීත් නිපුන් සනත් නන්දසිරි) ජීවත්ව සිටි කාලයේත් මම හැමදාම එහෙම කළා. ඉතින් ඊයෙත් ඒ් විදියටම කළා.

ඉතින් ඊයේ උදේ මම පල්ලි ගිහින් ඒ් වත් පිළිවෙත් කළා. ඒ්ත් ඒ් යද්දි ෆාදර් හිටියේ නැහැ. ඉතින් සවස ආපහු පල්ලියට ගිහින් ෆාදර් හමුවෙලා ආශිර්වාද ලබාගෙන ඊළගට පන්සලට ගියා. එතැනදිත් මට ලොකු හාමුදුරුවෝ වගේම පොඩි හාමුදුරුවො සෙත් පැතුවා. මම මල් පහන් තියලා, බුදුන් වැදලා ඒ් ආශිර්වාදයත් බලා ගත්තා. ඒ් වෙලාවේ එතැනට ඇවිත් හිටපු ගායක ගායිකාවො හැමෝමත් මට සුබ පැතුවා.

ඒ්ක ඉතින් ඉවර වුණා කියමුකෝ. ඔන්න ඊට පස්සේ එක පාරටම එතැනට නිරංජලා නංගි ආවා. ඇවිත් ‘මාත් එක්කත් කොහේ හරි යමුකො කියල, වාහනයට මාව නග්ග ගත්තා. ඔහොම ගිහින් ඉතින් ලස්සනම ලස්සන හෝටලයක් ළග නතර වුණා කියමුකෝ.

ගිහින් ඇතුළට ගියාට පස්සේ තමයි මට අදහාගන්න බැරි වුණේ. මෙන්න බොලේ උදේ ඉදන් මට සුබ පැතූ මගේ නැදෑයෝ හැමෝම එතැන ඉන්නවා. මට මේක හිතා ගන්න බැහැ. ලොකු ‘බර්ත් ඩේ’ පාටි එකක්. මගේ දුවයි, නිරංජලා නංගිගෙයි මාව පුදුම කරවන්න තමයි රහසිගත විදියට මේක සංවිධානය කරල තියෙන්නේ

ඇත්තටම මම හුගාක් සතුටු වුණා. වයසක මට තෑගි හුගාක් ලැබුණා..මට හරිම සතුටුයි. ඒ් වගේම මහ රැ වෙනතුරු මා වෙනුවෙන් සිටි හැමෝටම ස්තූතියි.!”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *