BREAKING NEWS
Search

රාජපක්‍ෂලා ගැනත් පරීක්‍ෂණ කරනවා

159

රනිල් විකක්‍රමසිංහ පමණක් නොව රාජපක්‍ෂ සියලු දෙනාට අදාලව පරීක්‍ෂණ බවත් එම පරීක්‍ෂණවලට කිසිඳු තාරාතිරමක් නොමැති අතර නීතියට අනුව අනිවාර්යෙන්ම කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (25) පැවසීය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා රැස්වීමකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.

මහ බැංකු වංචාව සම්බන්ධ රනිල් වික්‍රමසිංහ මෙන්ම එහිදී ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත කටිටියට අදාලව නීතිය ක්‍රියාත්මක වන බව කී අමාත්‍ය බිමල් රත්නායක මහතා එය වර්තමාන ආණ්ඩුවේ ජනවරමේ ලොකුම කොටසක් බව ද සඳහන් කළේය.

ට්‍රාන්සිට් එක ලන්ඩන් නම් ලක්‍ෂ 166 ක් වියදම් කරන්නේ කුමකටද? වෙනත් නරගවලට යන්නේ ඇයි? ඒවා සම්පූර්ණයෙන්ම ඔප්පු වෙලා තිබෙන බවත් රජයේ නිලධාරීන්ට තියෙන නීති ජනාධිපතිට බලපැවැත්වෙන අතර වෙනත් අමුතු දෙයක් නොමැති බවත් අමා්‍ය බිමල් රත්නායක මහතා වැඩි දුරටත් කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *