ජනප්‍රිය රැප් ගායකයෙක් අත්අඩංගුවට

262

ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු ව්‍යාජ පිස්තෝලයක් සහ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

එම සැකකරු සමඟ ව්‍යාජ පිස්තෝලයක් , අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 20 ක් හා හෑෂ් ගෑම්  35 ක් පොලිස් භාරයට ගෙන ඇත.

හය දෙනෙකුගෙන්  පිරිසක් කුඩා වීදුරු ටීපෝවක් මත  මත්ද්‍රව්‍යය  සහ පිස්තෝලයක්ද තබාගෙන රැඳී සිටිමින්  මත්ද්‍රව්‍ය පානය කරමින් මත් ගතියෙන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මුහුණු පොත ඔස්සේ සංසරණය විම   සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ අවධානය යොමු වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී එම වීඩියෝවේ සැකකාර  ගායකයාද රැඳී සිටින බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මේ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව ඔහු පදිංචි හෝමාගම මවුන්ට් ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *