BREAKING NEWS
Search

සිමෙන්ති ලොරියක් ඇතුළු වාහන හතරක් ගැටි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්

2734

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ ගොඩගම අතර කිලෝමීටර 133. 4 ප්‍රදේශයේදී සිමෙන්ති ලොරියක් ඇතුළු වාහන හතරක් ගැටි දෙදෙනකු තුවාල ලබාඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි

මෙම අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගය පුරා සිමෙන්ති කුඩු විසිරී යාමෙන් දැඩි දුමාරයක් අවට පැතිරී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා පවතින බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.

තුවාල ලැබූවන් අතර බස් රථයේ කොන්දොස්තරවරයා සහ මගියකු බව පොලිසිය කියයි

සිමෙන්ති ලොරිය අපරැක්ක ප්‍රදේශයේ සිට ගොඩගම දෙසට ධාවනය වෙමින් තිබියදී ඊට පසු පසින් කොළඹ දෙසට ධාවනය වූ බස් රථය එහි ගැටීමත් සමගම මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

සිමෙන්ති ලොරියේ පසුපස ගබඩා කර තිබූ සිමෙන්ති තොගයක් මාර්ගයට වැටී සී.සීකඩ විසිරීමෙන් පිටුපසින් පැමිණි මෝටර් රථයක් සහ වෑන් රථයක්ද එකිනෙක ගැටී අනතුරට ලක්ව ඇත

මේ හේතුවෙන් අනතුර සිදුවූ ප්‍රදේශයේ මීටර් පන්සියයක පමණ ප්‍රමාණයක් ගොඩගම සිට කොළඹ දෙසට එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවිය

 





Leave a Reply

Your email address will not be published. Required fields are marked *