BREAKING NEWS
Search

අපි හැංගෙන්නෙත් නෑ.. හිස නමන්නෙත් නෑ.. තිත්තයට දෙවාරයයි.!

162

අසාධාරණයට හිස නමන්නේ නැති බවත් අනාගතේ හිස නමන්නේ නැති බවත් කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න සඳහන් කරයි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න භාර නොවී සැගවී සිටීම සම්බන්ධයෙන් චතුර සේනාරත්න සඳහන් කළේ,

“හැංගෙන්නේ නැනේ.. හැංගෙනවනම් අධිකරණයට එන්නේ නැනේ.. මේ දිගින් දිගටම අධිකරණයට එනවා නේ අපි. අධිකරණයට එනවා. ඒ මොකෝ අධිකරණය විසින් නීතිය යුක්තිය ඉටුවෙයි කියලා බලාපොරොත්තුවෙන් අපි එනවා.

නීතියට අපි හිස නමනවා.. යුක්තියට අපි හිස නමනවා. නමුත් අපි අසාධාරණයට හිස නමන්නේ නෑ. අසාධාරණයට හිස නමලත් නෑ. අනාගතේ නමන්නෙත් නෑ. හැමදාම කිවුවා වගේ අපි මේ දේශපාලනය තුළ හිසයි දණයි නවන්නේ නෑ. කොකාට වාරයනම් තිත්තයට දෙවාරයයි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *