BREAKING NEWS
Search

අඟුණුකොළපැලැස්සට සයිනයිඩ් ගෙනආවේ රැඳවියෙකු ඝාතනයටද ?

153

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමකදී සයිනයිඩ් කුප්පියක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිව තිබේ.

“කුඩු සලිඳු” නමැති මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ගෝලයකු වන “තරිඳු මධුසංක” නැමැත්තා සතුව තිබී මෙම සයිනයිඩ් සොයාගත් බව බන්ධනාගාර මූලස්ථානය පැවසීය.

“කොමාන්ඩෝ කවිෂ්ක කුමාර” නැමැත්තා ඝාතනය කිරීම සඳහා මෙම සයිනයිඩ් බන්ධනාගාරය තුළට ගෙනවිත් ඇති බවට සිදු කළ මූලික  විමර්ශනවලදී හෙළි වී තිබේ.

බන්ධනාගාරය තුළට ගෙන ආ මෙම සයිනයිඩ්, පරීක්ෂා කිරීමට අදාළ පිරිස කටුස්සෙක් අල්ලා  ඌට එන්නත් කර ඇති අතර, එම ස්ථානයේදීම කටුස්සා මියගොස් ඇති බවද අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *