බදුල්ල කලබමින් කුඹුරකින් මළ සිරුරක් හමුවෙයි

2341

බදුල්ල, කයිලගොඩ වැඩිහිටි නිවාසයට යාබද කුඹුරේ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් අද (18) පෙරවරුවේදී හමුවූ බව බදුල්ල පොලීසිය පැවසීය.

කුඹුරේ හිමිකරු දින හතරකින් පසු කුඹුරට පැමිණි බවත් ඒ පැමිණීමේදී මෙම පුද්ගල මළ සිරුර දැක ඇති අතර, පසුව පොලීසිය දැනුවත් කර තිබුණි.

අනතුරුව බදුල්ල පොලීසියේ නිලධාරීන් සිද්ධිය පිළිබඳව මූලික විමර්ශන ආරම්භ කර ඇත.

මළ සිරුර තිබුණු ස්ථානයට ළඟාවීමට පොලීසියට දැඩි උත්සහායක් ගැනීමටද සිදුවු බව අප වාර්තාකරු පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 65ක පමණ පිරිමි පුද්ගලයෙක් බවට පොලීසිය අනුමාන කරයි.

මරණයට හේතුව සොයා වැඩිදුර විමර්ශන බදුල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *