BREAKING NEWS
Search

කැලෑ වැදෙමින් තිබූ කිරි කම්හලක වැඩ යළි අරඹන්න යයි

174

ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ ඉදිකිරීම් අරඹා අතරමග නැවතී තිබූ කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ව්‍යාපෘතියේ වැඩ කඩිනමින් අවසන් කරන බව මිල්කෝ සමාගමේ සභාපති වී.ජී.එච් ගෝඨාභය මහතා පැවසීය.

2015 ආරම්භ කර  ඉදිකිරීම් 95%ක් අවසන් කළ 2019 නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම කිරි ආශ්‍රිත  නිෂ්පාදන කම්හල මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතී.

රුපියල් කෝටි 1800ක් වැය කර ඉදි කර තිබෙන බව මෙම කර්මාන්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර එහි කටයුතු නිම කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද මිල්කෝ සමාගමේ සභාපතිවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *