රුසියාවේ මොස්කව් නුවරට ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ තවත් 130 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.
මෙම පිපිරීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලිවලට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබේ.
2021 ඔක්තෝබර් මාසයේ දී පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගිය අතර ඉන් පසුව සිදු ව ඇති දෙවන මාරාන්තික පිපිරීම මෙය වේ.




















