BREAKING NEWS
Search

ලොකු දොස්තරලා අසූ දෙකක් දොට්ට

115

පසුගිය වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැර යෑමේ රතු  නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පැවසීය.

මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ මෙම වෛද්‍යවරුන්ගෙන්  බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස්  නැවත  නොපැමිණි අය  බවයි.

ඉහත කාල සීමාවේදී වෛද්‍යවරුන් හත් දෙනෙකු ඉල්ලා අස්වී ඇතැයිද ඔහු කීවේය. ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පනස් හත් දෙනකු මුදා හැර ඇති බව පැවසු අමාත්‍යවරයා වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇතැයිද  සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *