BREAKING NEWS
Search

පොලිස් නිලධාරියෙකුට පහරදීමක්

699

කළුතර එගොඩ උයන පොලිසියේ නිලධාරියෙකුට පිරිසක් අද (04) පහරදීමක් සිදුකර තිබේ.

කළුතර නාගොඩ වෙනිවැල්කැටිය ප්‍රදේශයේ සිය නිවෙසේ රැඳීසිටින අවස්ථාවේ කඩු, පොලු සහිතව පැමිණි දස දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස පොලිස් නිලධාරියාට පහරදී ඇති බවය.

පහරකෑමෙන් තුවාල ලද පොලිස් නිලධාරියා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට අදාළ නිලධාරියා කටයුතු කර ඇති අතර ඉන් කෝපයට පත් පිරිසක් මෙලෙස පහරදී ඇති බව පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *