BREAKING NEWS
Search

වන අලියාගේ පහරින් කුඩා දැරියක් මරුට

613

හම්බන්තොට සීනික්කු ගල ප්‍රදේශයේදී අද (03) වන අලි ප්‍රහාරයකට ලක්ව අට හැවිරිදි දැරියක් මරුමුවට පත්ව ඇති බව පොලීසිය කියයි.

වන අලියාගේ ප්‍රහාරයට ලක්වු දැරියගේ පියා බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කළ බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි.

දැරියගේ පියා  සිය වගාවේ වැඩ කරමින් සිටියදී ඒ අසලට පැමිණ ඇති වන අලියා  පියාට  පහරදීමට උත්සාහ කොට ඇති බවත් ඒ සමඟ වන අලියාගෙන් බේරීම සඳහා පියා  නිවස දෙසට දුව ගොස් ඇති බවත් පියා පසුපස  හඹා  ආ වන අලියා දැරියට පහර දී තිබූ බවත් පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *