BREAKING NEWS
Search

හුංගම වෙඩි තැබීමක්

368

අම්බලන්තොට  හුංගම, පිංගම ප්‍රදේශයේ අද (02) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ කුඹුරක ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුව ඇති බවය.

බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවිය සමග හුංගම පොලිසියට භාර වී ඇත.

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *