ගාල්ල, ගිංතොට මෝයකට අසල දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (29) සවස මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට, කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
මරුණකරු ගිං ගඟේ මෝය කට අසල දිය නෑමට ගොස් අතුරුදහන්ව ඇති අතර පසුව ප්‍රදේශවාසීන්, නාවික හමුදාවේ කිමිදුන්කරුවන් සහ පොලීසිය එක්ව තරුණයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
එහිදී කිමිදුන්කරුවන්ට තරුණයාගේ මළ සිරුර හමුව ඇති අතර සිරුර ගොඩට රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


















