BREAKING NEWS
Search

වෙඩික්කරුගේ සිරුර ගමට ගේනවාට ගමෙන් විරෝධයක්

1990

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කහතුඩුව පාලගම කුරුඳු ඉඩමක දි සිදු වූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත් වූ හිටපු එස්.එෆ් සෙබළාගේ මළ සිරුර ඔහුගේ ගම්ට ගෙන ගැන ගම්වාසීන් විරෝධය දැක්වීම හේතුවෙන් හෝමාගම පිටිපන පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට ඥාතීන් විසින් තීරණය කර ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.

සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන විදේශ ගතව සිටින කොස් මල්ලි නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බවකියන හංවැල්ල ජීවන් චාමර පෝරගේ (41) නැමැති හිටපු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකි.

මොරටුව පොලිස් විශේෂ කාර බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු සැඟවී සිටි එම කුරුඳු ඉඩමේ වාඩිය වැටලීමේදී සිදුවූ වෙඩි හුවමාරුව අතරතුරදී බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි.

කළුබෝවිල ශීක්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව දේහය හංවැල්ල ප්‍රදේශයට රැගෙන එන බවට ගම්වාසීන්ට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව ඔවුන් එයට විරෝධය දක්වන බවට ඥාතීන්ට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි පොලිසිය කියයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *