BREAKING NEWS
Search

අති දක්ෂ නිලියක් නිරූපිකාවක් වූ ඇගේ මරණයෙන් පසු පවුලේ අය සිරුර භාර ගැනීමත් ප්‍රතික්ෂේප කරලා

1315
ඇය බොහෝ දෙනෙක් ආදරය කරන ඒ දක්ෂ ජනප්‍රිය චරිතයට මේ වගේ ඉරණමක් අත්වීම ඇත්තෙන්ම අබිරහසක්..
මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන ඇසුණු විශේෂ කතාවක්.. Humaira Asghar,32 හැවිරිදි සුප්‍රසිද්ධ පකිස්ථාන නිළියක් සහ නිරූපිකාවක් වන ඇය මිය ගිය පුවත අපට සැලවන්නේ මීට ටික දිනකට ඉහතදීයි..

එසේම ඇය ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් සහ රියැලිටි වැඩසටහනක් වන Tamasha Ghar නිසා ගොඩක් දෙනෙක් අතර ආදරය දිනාගත්ත චරිතයක්ද වුණා.. මේ තරම් රසික පිරිසක් ඉන්න ඇය මිය ගිය පුවත දැනගත් විගසම ඊට දුක් නොවූ කිසිවෙක් නැති තරම්.. ඒත් ඇයගේ වියෝව ගැන දැනුම් දුන් විට ඇගේ සහෝදරයා සහ පියා ඇගේ දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව ඔබ විශ්වස කරනවාද..?

මේ සිද්ධිය ගැන ඇතිවූ ආන්දෝලනාත්මක කතාව ඇසෙන්නේ ඇගේ මරණයෙන් ටික කලකට පසුව වීමත් විශේෂත්වයක්..

පොලිසිය පවසන පරිදි, Humaira Asghar ගේ සොහොයුරාට දුරකථනයෙන් කතා කළ විට ඔහු ඔවුන්ට පැවසුවේ විශ්‍රාමික හමුදා වෛද්‍යවරයකු වන ඔවුන්ගේ පියා වන වෛද්‍ය අස්ගර් අලිට කතා කරන ලෙසයි…

එසේම මෙහිදී ඇගේ සමීපතමයින් පවසා ඇත්තේ ඔවුන් ඇයත් සමඟ වූ සමබන්ධතා නවතා ඇත්තේ මීට කාලෙකට කලින් බවත්, ඒ නිසා ඇගේ සිරර පවා කිසිවෙකුට බාර ගැනීමට නොහැකි බවයි.. ඇත්තටම ලොවක් ආදරය කරන මේ සුරූපී තරුවට මෙහෙම ඉරණමක් අත්වුණේ ඇයි.. ?

ඒ ගැන බොහෝ දෙනාට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *