BREAKING NEWS
Search

ලන්ඩන් නුවර ගුවන් අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

205

සවුත්එන්ඩ් ගුවන්තොටුපළේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ (13) සිදු වූ අනතුරින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර ගෙන තිබේ.

සවුත්එන්ඩ් ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ මෙම කුඩා ගුවන් යානය මද වේලාවකට පසු කඩා වැටි ගිනි ගැනීමට ලක් විය.

මෙම ගුවන් යානය ලන්දේසි සමාගමක් වන සියුෂ් ඒවියේෂන් සමාගමට අයත්  SUZ1 වර්ගයේ ගුවන් යානයක් බව සඳහන් වේ.

කෙසේ වෙතත් තුවාල ලැබූවන් ගණන පිළිබඳව හෝ මිය ගිය සංඛ්‍යාව පිළිබඳව එහිදී වාර්තා කර නොතිබුණි.

මේ අතර අනතුර හේතුවෙන් සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගැනුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *