BREAKING NEWS
Search

ලොක්කෝ රොත්තක් මැතිසබේට සමුදෙයි

901

පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් රැසක්  මේ වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂිකා  ඉන්දිරා  දිසානායක, නියෝජ්‍ය  අධ්‍යක්ෂිකා (පරිපාලන)  නීතිඥ  ශ්‍යාමා ප්‍රනාන්දු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) උදය මුණසිංහ සහ  මහජන පෙත්සම් කාරක සභා කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ එම්.එම්.එම් මර්බෘක් (පරිපාලන) ඇතුළු පිරිසක් මෙසේ විශ්‍රාම යෑමට නියමිතව සිටිති.

මෙලෙස  විශ්‍රාම යන වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ  දීර්ඝ කාලයක් සේවය කළ අය වෙති. පාර්ලිමේන්තුවේ ප්‍රධානීහු   රැසක්  ගිය වසරේදීද  විශ්‍රාම ගියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *