තවත් බිහිසුණු ගුවන් අනතුරක් 99න් බේරෙයි – කැමරාවේ සටහන් වූ සජීවී දර්ශන මෙන්න

7946
තවත් බිහිසුණු ගුවන් අනතුරක් 99න් බේරෙයි
කැමරාවේ සටහන් වූ සජීවී දර්ශන
ඉන්දුනීසියාවේ ටැන්ගෙරන්ග් හි සෝකර්නෝ-හට්ටා ජාත්යන්තර ගුවන්තොටුපළේදී සිදුවීමට ගිය විශාල ගුවන් අනතුරක් වළක්වා ගැනීමට එහි නියමුවන් සමත්ව තිබේ.
පසුගිය 28 වනදා පැවති දැඩි අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බතික් එයාර් බෝයිං 737 (ෆ්ලයිට් PK-LDJ) ගුවන් යානය ගොඩබෑස්සවීමට සූදානම් වූ අවස්ථාවෙව් මෙම තත්ත්වය හට ගෙන ඇති බව විදෙස් මාධ්ය පවසයි.
දැඩි වර්ෂාව සහ ඇති වූ තද සුළං හේතුවෙන් යානය දකුණට ඇලවී ඇති අතර එක් පියාපතක කෙළවරක් ධාවන පථයේ වැදීමට ආසන්යේ තිබී ඇත.
කෙසේ වෙතත් නියමුවාගේ විශේෂඥ පාලනය හේතුවෙන් යානය නැවතත් පාලනය කර ගෙන හානියක් නොමැතිව ආරක්ෂිතව ගොඩ බැස්සවා තිබේ.
මෙම සිදුවීම ගුවන් තොටුපොළේ සිටි මගීයකුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *