Latest Articles
Search

නිරෝගී සහ ලස්සන පාද යුගලකට ඔබත් කැමතිද? එහෙනම් මේවා කරලා බලන්න

1750

ඔබ දන්නවාද මාංශ පේශි 29 ක් පමණ අපගේ පාදයේ තිබෙනවා. අපේ පාදය බොහෝ වෙහෙසෙනවා. රැකියාවෙහි දුෂ්කර දිනයක් ගත කිරීමෙන් හෝ දිගු කාලයක් සිටගෙන සිටීමට සිදු වීම වගේ දේවල් නිසා ඔබේ පාදයට බොහෝ වෙහෙසට පත් වීමට සිදු වෙනවා. රැකියාවක් කරන අයන්ම් මේ වේදනාව හොදින් දන්නව ඇති. එහෙනම් ඔයාලගෙ පාදයේ වේදනා අවම කරගෙන සුව පහසුව සිටීමට අවශ්‍ය ක්‍රම කිහිපයක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවෙ.

Advertisement

 

Advertisement

01. හැකි සෑම විටම ඔබේ පාද පිරිසිදුව තබා ගන්න.

අපි රැකියාවට වේවා, පාසලට වේවා කඩයට වේවා මේ කුමන තැනක ගියත් අපේ පාදයේ කුනු දුහුවිලි තැවරීම නවත්තන්න නම් බැහැ.. ඒ නිසා අපි දැන ගන්න ඕනි අපේ පදය හැකි සෑම විටම පිරිසිදුව තබා ගන්න. පාද සම්බාහනය සමඟ පිරිසිදු කිරීම එකට කිරීම සුදුසුයි වෙහෙසට පත් පාද සඳහා. ස්ක්‍රබ් කිරීම හෝ මෘදු ගලක් වැනි යමක් භාවිතා කර ඔබේ පාද මෘදු ලෙස සම්බාහනය කිරීම ඔබේ ස්නානය අතරතුර සිදු කරන්න. මෙය විශිෂ්ට තේරීමක් වේවි විලුඹේ කැල්කස් සහ ඉරිතැලීම් වළක්වා ගැනීමට උත්සාහ කරන අයට. අවසානයේ උණුසුම් ජලය මඟින් පාද සේදීමට අමතක කරන්න නම් එපා.

Advertisement

 

Advertisement

02. සංවේදක උඩ ඇවිදීමට උත්සාහ කරන්න.

ඔබ විවිධ ඝන පෘෂ්ඨයන් මත පාවහන් නොමැතිව ගමන් කරන ක්‍රියාකාරකමක් තමා මේ සංවේදක උඩ ඇවිදීම කියල කියන්නේ. විවිධ ද්‍රව්‍ය මතට පා තබන විට ඔබට සන්සුන් සංවේදීතාවයක් ලබා දෙනවා. වටකුරු පාෂාණ, ගස් පොතු, කොළ සහ තණකොළ සහිත උද්‍යාන වැනි දෑ මත ඇවිදීමට ඔබ සැමවිටම උත්සහ කරන්න. තණකොළ හෝ මෘදු කාපට් මත ඇවිදීමෙන් ඔබට මෙය පහසුවෙන් සිදු කිරීමට උත්සාහ කළ හැකියි. ඔබටත් ඔබේ පාදවලටත් සුවපහසු අත්දැකීමක් ලබා ගැනීමට හැකිවනවා වගේම මෙම ක්‍රමය ඔබේ මානසික සුවයටත් බෙහෙවින් ඉවහල් වෙන ව්‍යායාමයක් කිව්වෝත් නිවරදියි.

Advertisement

 

Advertisement

03. අයිස් මඟින් තවන්න.

ඔබ ගොඩක් වෙහෙසී ආවිට හෝ දුර ගමනක් ගොස් ආවිට පාදවල වේදනාවක් ඇතිවීම සාමනයයි. ඒ වගේම සමහරක් අවස්තාවලදී පාද ඉදිමීමට පවා පුලුවන්.මෙවැනි අවස්තවන් වලදී තුවායක් තුළ අයිස් හෝ ශීත කළ එළවළු පැකට්ටුවක් ඔතා විනාඩි 15 ක් ඔබේ පාද තවා ගැනීම තුළින් මෙම තත්ත්වය තුරන් කර ගැනීමට ඔබට හැකී. මෙමගින් ඔබේ පදවල වේදනාව අඩුවන්නේ නැත්තම් වෛදය වරයෙක් හමුවීම තමයි නුවනට හුරු.

Advertisement

 

Advertisement

04. ඔබේ නියපොතු කපන්න.

ඔබට කවදා හෝ දැනී තිබෙනවාද දිනක් පුරාවට සපත්තු පැළද සිටීමෙන් පසු ඔබේ ඇඟිලි රිදෙන බව. ඔබට කම්පනය සහ වේදනාව පවා ඇතිවිය හැකී ඔබේ නියපොතු දිග වැඩි නිසා ඔබේ නියපොතු ඔබේ පාවහන් වලට දිගින් දිගටම තද වන විට තදබල වේදනාවක් පවා ඇතිවිය හැකී .
ඔබේ නියපොතු මධ්‍යස්ථ දිගට තිබෙන පරිදි කැපීම සිදු කරන්න. ඔබේ පාදය නිරෝගීව හා වේදනා රහිතව තබා ගැනීමට උපකාරී වෙන විශාල දෙයක් තමා මෙය. ඒ වගේම ඔබේ පාදය පිරිසිදුව තබා ගැනීමටත් අමතක කරන්න එපා.

Advertisement

 

Advertisement

05. කෙසෙල් මිශ්‍රණයක් සාදා ආලේප කරන්න

මේ ක්‍රමය ඔබට නිවසේ සිටම කල හැකි පහසු ක්‍රමයක්. කෙසෙල් මිශ්‍රණය තමා මේ ප්‍රතිකාරය. කෙසෙල් නම් ඕනි මුලුතැන් ගෙයකින් පහසුවෙන් සොයාගත හැකියි.මේ සදහා තිබෙන්නේ හරිම සරල වට්ටෝරුවක්.
කෙසෙල් ගෙඩියක් අඹරාගෙන බඳුනක හෝ පිඟානකට දමා ගන්න.
උණුසුම් ජලයේ ඔබේ පාද පොඟවා ගන්න.
උනුවතුරෙන් කකුල අරගෙන ඉන්පසු කෙසෙල් වලින් සාදාගත් පේස්ට් එක කකුලේ ආලේප කර හොදින් සම්බාහනය කරන්න.. විනාඩි 20 ක් පමන තබා සෝදා හරින්න.

Advertisement

 

Advertisement

06. ඔබේ පාද සඳහා ව්‍යායාම කරන්න.

පාද දිගු කර ව්‍යායාම කිරීමට උත්සාහ කිරීම තුළින් ඔබේ පාද ශක්තිමත් කර ගත හැකී. මං ඔයාලට පාදවලට කරන්න පුලුවන් සරල වයායාමයක් කියල දෙන්නම්.
සුමට මතුපිටක් මත බිම කුඩා තුවායක් තබන්න
ඔබේ පාදය තුවායේ කෙළවරේ තබන්න
තුවාය මත ඔබේ විලුඹ ඔබා රෙදි කැබැල්ල හසු වන පරිදි පාදයේ ඇඟිලි ඇතුලට නවන්න
මෙමගින් පාදයට සවිමත් බවක් මෙන්ම නීරෝගි බවකුත් ඇතිවෙනවා.. මේ වගේ තව ක්‍රම බොහෝමයක් තියෙනවා. පාද නීරෝගීව තියාගන්න මේවගේ ව්‍යායාම කිරිම සාර්තක ක්‍රමයක්.

Advertisement

 

Advertisement

07. ටෙනිස් බෝලයකින් පාද සම්බාහනය කරන්න.

කාර්යබහුල දිනයක් ගත කිරීමෙන් පසු ක්ෂණික සහනයක් අපේක්ෂා කරන්නේ නම් ඔබට පාද වලට සැහැල්ලු සම්බාහනයක් අවශ්‍ය නම් මෙය සිදු කිරීමට ඔබට හැකී. රෝල් හෝ ටෙනිස් බෝලයක් පමණයි මේ සදහා ඔබට අවශ්‍ය වෙන්නේ. ඔබ කල යුතු වන්නේ ඔබේ පාදය සහ පාදයේ ඇඟිලි ලිහිල් කළ හැකි පහසු සම්බාහනයක් සඳහා පාදය පන්දුව දෙසට මෘදු ලෙස ඉදිරියට ගෙන යාමයි. පාදයේ කැක්කුම වළක්වා ගැනීමට, ආතතිය දුරු කිරීමට සහ පාදයේ මාංශ පේශි ලිහිල් කිරීම සදහා මෙය ඔබට භාවිතා කරන්න පුළුවන්.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *