මන්ත්‍රීවරු 117කගේ සද්දෙට බය නොවී හරියට වැඩේ කරපු නිළියක් වගේ ලස්සන කොමසාරිස්තුමිය

1637

අද දින කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තනතුර වෙනුවෙන් ඡන්ද විමසීමක් සිදු කරනු ලැබුවා.ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්තුමියගේ මැදිහත්වීමම මත.ඇය නමින් සරංගිකා කල්හාරි ජය සුන්දරයි. මන්ත්‍රීවරු 117දෙනාම සද්දෙට කෑගහද්දි ඇය සෘජුව තමන්ගේ කාර්යභාරය හරි අපූරුවට ඉටු කළා.ඒ නිසාම තමයි ඇය බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු චරිතයක් වුනේ.

විපක්ෂයේ මන්ත්‍රීවරු රහසිගතව මනාප ප්‍රකාශ කිරීමට විරුද්ධ බවට විශාල විරුද්ධතාවයක් ඉදිරිපත් කරද්දී පවා ඇය සෘජුව තමන්ගේ තීරණය ක්‍රියාත්මක කළා. ඉතින් හැමෝම කතා කරන ඇය ගැන කතා කරද්දි ඇය 2012 වසරේදී තමයි පරිපාලන සේවයට එකතු වන්නේ.ඉන් අනතුරුව 2024 වසරේ රාජ්‍ය පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියට පත්වීම් ලැබුවා.

මහරගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසද කටයුතු කළ ඇය ආදරණීය දෙදරු මවකි.කොතෙක් බාධා අද දින පැමිණියත් ඇය සෘජුව නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ඇයගේ සේවය ඉටුකිරීම වෙනුවෙන් ස්තූතිවන්ත විය යුතුය.

 

GalleryGalleryGalleryGalleryGalleryGallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *