BREAKING NEWS
Search

ගැරඬිඇල්ල බස් අනතුරට හේතුව හෙළිවෙයි..

1564
ඒ සිද්ධිය ගැන අවස්ථා ගණනාවකදී විවිධ පර්‍යේෂණ සිදුවුණා..

එයින්  අනාවරණ වුණේ ටිකක් වෙනස් විදිහක ආරංචි කිව්වොත් හරි..

ඒත් අද ඒ මාරක බස් අනතුර ගැන ඇසුණේ වෙනස්ම කතාවක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

පුද්ගලයින් 23 දෙනෙකුට මරු කැඳවමින් කොත්මලේ – ගැරඩිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස්රථයක් ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරට හේතුව, රියදුරුගේ අධික තෙහෙට්ටුව, විඩාව සහ නින්දයාම යන කරුණු බවට අනාවරණ වී තිබෙනවා…

එම අනතුර සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුලත් වාර්තාව, එම කමිටුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් අද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට භාරදෙනු ලැබුවා..

ඉන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව කියා සිටියේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *