BREAKING NEWS
Search

අවුරුදු 23 සුප්‍රසිද්ධ නිරූපිකාවක් නොසිතූ ලෙස සියදිවි නසාගනී.

762
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ නිරූපිකාවක් වන අංජලී අල්පේෂ් වර්මෝරා සියදිවි නසාගෙන ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය 23 හැවිරිදි වියෙහි පසුවුණ ගුජරාටයේ සූරත් හි පදිංචිකාරිණියක්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඇයගේ විවාහය මෑතකදී කල් දමා ඇති අතර සියදිවි නසා ගැනීමට පෙර ඇය ඇයගේ පෙම්වතාව සම්බන්ධ කරගැනීමට උත්සාහ කර ඇති බවයි.

ඇය විවාහ ගිවිසගෙන සිට ඇති අතර, මේ වසරේ දී විවාහ මංගල්‍යය පැවැත්වීමට යෙදී තිබුණ ද, පෙම්වතාගේ මවගේ හදිසි අභාවය හේතුවෙන් එය කල් දමා ඇති බව සදහන්.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වල දී ඔහු සඳහන් කර ඇත්තේ තම පෙම්වතිය කිසිදිනෙක ආතතියෙන් නොපෙලුණු බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *