අද සිට දින 04ක් එකදිගට වැසෙන පාසල් ලැයිස්තුව මෙන්න

3288

අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (09) සිට (12) වනදා දක්වා පොසොන් සතිය තුළ වසා තැබෙනවා.

මේ බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරනු ලැබීය.

එම නිවේදනය ප්‍රකාරව අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති.

පෙරේදා ( 07 ) ඇරඹුණු පොසොන් සතිය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මක කරයි.

ඒ අනුව , දින හතරක කාලයක් , පොසොන් සතිය නිමිත්තෙන් පහත පරිදි අදාළ පාසල් වසා තැබීමට නියමිතව ඇත.

එම අදාළ පාසැල් ලැයිස්තුව පහත පරිදි වේ.

01.අනුරාධපුර මධ්‍ය විද්‍යාලය

02.ස්වර්ණපාලි ජාතික පාසල

03.වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය

04.නිවත්තකචේතිය ජාතික පාසල

05.සහිරා ජාතික පාසල

06.විවේකානන්ද මහා විද්‍යාලය

07.දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය

08.මහාබෝධි විද්‍යාලය

09.මිහින්තලේ මහා විද්‍යාලය

10.මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය

11.තන්තිරිමලේ විමලඥාන විද්‍යාලය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *