Latest Articles
Search

දඹුල්ලේ එළවළු මිල ගණන් අහස උසට

76

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග ඊයේ (මැයි 30) අලුයම වන විට එළවළු කිලෝ ලක්ෂ සියයක් පමණ දඹුල්ලට ලැබී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

Advertisement

දින ගණනාවක් තිස්සේ වසා දමා තිබීම නිසා ගොවීන් තම නිෂ්පාදන විශාල වශයෙන් රැගෙන ඒම සිදුකළ ද එළවළු මිලද ඊයේ පෙරවරු වන විට ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව වෙළෙන්දෝ මෙන් ම ගොවීහු ද පවසති.

Advertisement

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 29 වන දින මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම එළවළු අලෙවි කිරීම සඳහා ගොවීන් මෙන් ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වෙළෙන්දන් පැමිණ සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

Advertisement

අලුයම පහට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග පැමිණ තිබූ එළවළු ලොරි ආර්ථික මධ්‍යස්ථානය තුළට ඇතුළත් කර ගැනීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුවීම ද විශේෂත්වයකි. ඇතැම් ගොවීන් සහ ව්‍යාපාරිකයන් පොලිසිය සමග ගැටුම් ඇතිකර ගැනීමට පවා යන ආකාරය දැක ගැනීමට හැකි වූයේ එතරම් වාහන තදබදයක් පැවතීම නිසා වෙනි.

Advertisement

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත ඊයේ උදෑසන වන විට කැරට්, බෝංචි, මාළු මිරිස් වැනි එළවළු කිලෝවක තොග මිල රුපියල් 200 ඉක්මවා පැවැති අතර පහතරට එළවළු වර්ග රැසක ද මිල රුපියල් 100-150 ඉක්මවා තිබීම විශේෂත්වයකි.

Advertisement

ව්‍යාපාරිකයන් එළවළු මිලදී ගැනීමකින් තොරව ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටිනු ලැබුණේ ඉහළ මිල ගණන්වලට එළවළු මිලදී ගෙන තම ප්‍රදේශවලට ගොස් නිවෙස්වලට එළවළු ලබාදීමට මෙම මිලට නොහැකි බව පවසමිනි.

Advertisement

එම නිසා සාධාරණ මිලක් ලැබෙන තුරු බලා සිටින බව ඔවුහු අප සමග පැවැසූහ. කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ නියෝජිතයන් කියා සිටියේ, පෙරවරුවේ එළවළු මිල ඉහළ ගිය ද දහවල් වන විට මිලෙහි විශාල පහත වැටීමක් සිදුවන බවය.

Advertisement

mawbima.lk

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *