BREAKING NEWS
Search

ඊළගට ඇතුලට යන්න ඉන්න හිටපු මැති ඇමති කවුද ? අවුරුදු 10 – 15 පරණ කේසුත් එලියට

295

පැවති ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් විසි දෙනෙකුට පමණක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.

විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් දී ඇති ඇතැම් විමර්ශන වසර 10ත් 15ත් අතර පැරණි ඒවා බවයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසන්නේ.

අමාත්‍යවරයා පැවසුවේ මෙම සිදුවීම් පසුගිය රජයන් විසින් යටගසනු ලැබ ඇති බවද එම විමර්ශන නැවත විවෘත කර කඩිනම් විමර්ශන කරන ලද නව රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවයි.

මෙම විමර්ශනයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අල්ලස් කොමිසමත් හරහා සිදුවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *