Latest Articles
Search

මහත් වෙන්න ආසයිනම් මෙන්න මේ කෑම කාලා බලන්න

857

අද අපි කියන්න යන්නේ මහත් වෙන්න කැමති අයට වගේම ශක්තිය වැඩි වැඩියෙන් ඕන අයට අවශ්‍ය වෙන වැදගත් රෙසිපි ටිකක්. මහත් වෙන්න කියල කන්දක් වගේ බත් පිඟන් දෙක තුනක් තුන්වේලම කාලා නම් හරි යන්නෙ නෑ. ඒක සෞඛ්‍යට එච්චර හොඳ නැහැ. වැඩිපුර කැලරි ලබාගන්න උදෑසන ආහාරත්, අමතර ආහාරත් ලබාගන්න ඕන.

Advertisement

මේ කන දේවල් සෞඛ්‍ය සම්පන්න වෙන්නත් ඕන. අනවශ්‍ය මේදය හදවත් රෝග ඇති කරන්නත් පුළුවන් නිසා හිතකර මේදය ලබාගන්න අලිගැටපේර, රටකජු වගේ දේවල් ආහාර වේල් වලට අමතරව කෑමට එකතු කරගන්න. කඩචෝරු කාල මහත් වෙනවට වඩා සෞඛ්‍ය සම්පන්නව මහත් වෙන්න උත්සහ ගන්න. මහත් වෙන්න සහ වැඩිපුර ශක්තිය අවශ්‍ය වෙන බොඩි බිල්ඩින් වගේ දේවල් කරන අය කන්න ඕන හයි කැලරි, හයි ප්‍රෝටීන් ආහාර. ෆිට් එකට කාලා බීලා ගාණට මහතට ඉන්න ආසා නම් ඔන්න අද ආටිකල් එක ගෙනාවේ අන්න ඒ අයටමයි.

Advertisement

 

Advertisement

1. ඩේට් ස්මූති

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

කෙසෙල් ගෙඩි 2
රටඉඳි දහයක් පමණ
ෆ්‍රෙෂ් මිල්ක් 1 1/2 cup
රටකජු ඇට 10-15

Advertisement

මේ සියල්ලම එකට බ්ලෙන්ඩර් කරල ස්මූති එක හදලා උදේම හිස්බඩ පානය කරන්න. දවසක් ඇර දවසක් සතියක් විතර බීලා බලන්න මොකද වෙන්නෙ කියලා.

Advertisement

 

Advertisement

2. අලිගැටපේර බිත්තර සලාද

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

තම්බාගත් බිත්තර 3
කපාගත් අලිගැටපේර ගෙඩි 1
ලෙමන් යුෂ ස්වල්පයක්
යෝගට් එකක්
චොප් කරගත් ළූණු ගෙඩි 1
රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු

Advertisement

බිත්තර ටික පොඩි කෑලි වලට කපාගන්න. වෙනම බෝල් එකකට අලිගැටපේර ටික දාලා යෝගට්, චොප්කරගත් ළූණු හා ලෙමන් යුෂ එක්ක හොඳට කලවම් කරගන්න. දැන් බිත්තර ටිකත් මේකට දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු ඉහලා කෑමට ගන්න. කැමති නම් මේක හොඳටම පොඩි කරලා හයි ප්‍රෝටීන් පාන් වල ගාල සැන්ඩ්විච් එකක් වගේ හදාගන්නත් පුළුවන්.

Advertisement

 

Advertisement

3. කෙසෙල් සහ ආමන්ඩ් ස්මූති

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

කෙසෙල් ගෙඩි 2
චොප්කරගත් ආමන්ඩ් ඇට ස්වල්පයක්
චොප්කරගත් රටඉඳි 2
ආමන්ඩ් බටර් මේස හැඳි 1
ආමන්ඩ් මිල්ක් කෝප්ප 1
මී පැණි තේ හැඳි 2

Advertisement

මේ ඔක්කොම එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා උදේ හිස්බඩ බොන්න.

Advertisement

 

Advertisement

4. හයි කැලරි ඕට්ස්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

කෝන් ෆ්ලෙක්ස් කෝප්ප 1
ආමන්ඩ් කිරි කෝප්ප 1
ඕට්ස් කෝප්ප 1
රේසින් කෝප්ප 1/2
පීනට් බටර් මේස හැඳි 2
මී පැණි මේස හැඳි 2
සීනි මේස හැඳි 2

Advertisement

අවන් එක ප්‍රීහීට් කරගන්න. සීනි, පීනට් බටර් හා පැණි එකට කලවම් කරගන්න. මේක අඩු ගින්දරේ ලිපේ තියලා හැඳිගාන්න.
වෙනම බෝල් එකකට ඕට්ස්, කෝන් ෆ්ලෙක්ස් හා ඉතුරු සියල්ලම දාගන්න. මේකට රත්කරගත් පැණි මිශ්‍රණය දාගන්න. හොඳට කලවම් කරලා අඩු ගින්දරේ විනාඩි 15ක් කුක් කරගන්න.

Advertisement

 

Advertisement

5. පීනට් බටර් මිල්ක්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

කිරි කෝප්ප 1
කෙසෙල් ගෙඩි 2
පීනට් බටර් මේස හැඳි 3
ඕට්ස් මේස හැඳි 2
බටර් මේස හැඳි 2
ප්‍රෝටීන් පව්ඩර් මේස හැඳි 2

Advertisement

මේ ඔක්කොම එකට කලවම් කරලා බ්ලෙන්ඩ් කරගන්න. කැමති නම් අයිස් කැට ටිකක් එක් කරගන්න.

Advertisement

 

Advertisement

6. හයි කැලරි පෑන්කේක්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

කුඩුකරගත් ඕට්ස් කෝප්ප 2
බිත්තර 2
පැණි මේස හැඳි 1
පීනට් බටර් මේසහැඳි 4
කිරි කෝප්ප 1/4

Advertisement

ඕට්ස් වලට බිත්තර හා පැණි දාලා කලවම් කරන ගමන් පීනට් බටර් දාගන්න. ඊළඟට කිරි ටිකත් දාලා හොඳට කලවම් කරගන්න. ස්මූත් බැටර් එකක් හදාගන්න.
පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට මේ බැටර් එකෙන් හැන්ද බැගින් දාලා දෙපැත්ත ෆ්‍රයි කරගන්න.

Advertisement

 

Advertisement

7. කෙසෙල් සැන්ඩ්විච්

Advertisement

අවශ්‍ය ද්‍රව්‍ය

Advertisement

පාන් පෙති 4
මෙල්ටඩ් බටර් ස්වල්පයක්
පීනට් බටර්මේස හැඳි 2
කෙසෙල් ගෙඩි 2

Advertisement

පාන් පෙති වලට මෙල්ටඩ් බටර් ගාගන්න. මේක ටෝස්ට් කරගෙන පීනට් බටර් ගාගන්න.
දැන් කෙසෙල් ගෙඩි පෙති කපලා පාන්පෙති දෙකක අතුරගන්න. ඉතිරි පාන් පෙති දෙක උඩින් දාගෙන සැන්ඩ්විච් කරගන්න.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *