BREAKING NEWS
Search

මිස් වර්ල්ඩ් තරගාවලියේ Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට ගිය අපේ අනුදි

413

72වැනි Miss World තරගාවලියේ Talent Competition අංශයේ අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් වී ඇත.

Talent Competition හි මූලික වටයට ලොව සෑම මහාද්වීපික කලාපයකින්ම රටවල් රැසක් තරග කර ඇති අතර, අනුදි ගුණසේකර ආසියාව සහ ඕෂනියාව මහාද්වීපික කලාපය නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත්වූ තරගකාරිනියන් 13 දෙනා අතරට ඇතුළත්ව ඇත.

ආසියාව සහ ඕෂනියාව කලාපයෙන් අර්ධ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකරට අමතරව ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය, බංග්ලාදේශය ඇතුළු රටවලින් රූ රැජිනියන් 13 දෙනෙකු තේරී පත්ව ඇත.

එසේම, ඇමරිකාව සහ කැරිබියන් දූපත් නියෝජනය කරමින් රටවල් 10ක, අප්‍රිකාව නියෝජනය කරමින් රටවල් 09ක, යුරෝපය නියෝජනය කරමින් රටවල් 16ක රූ රැජිනියන් Talent Competition හි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery




Leave a Reply

Your email address will not be published. Required fields are marked *