BREAKING NEWS
Search

අද අධිකරණයට භාර වූ ටීචර් අම්මාට සිදු වූ දේ මෙන්න

3241

අද මීගමුව අධිකරණයට භාර වූ හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය ඇප මත නිදහස් කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හයේශිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා , ආයතන කළමනාකාරිවරයා සහ එම ආයතනයේ සේවය කරන තවත් තරුණයින් දෙදෙනෙකුද රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

අධිකරණය නියෝග කර ඇත්තේ විත්තිකරුවන් සියලු දෙනාටම ඇප ලබා දිය යුත්තේ සමීපතම ඥාතීන් පමණක් බවත්, සියලු දෙනාගේම ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කල යුතු බවත්ය.

පොලිසියෙන් සැඟව පලා ගොස් සිටි සැකකාරිනි හයේශිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නමැත්තිය අද (14) දහවල් මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

විත්තිකාරිනිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න විසින් අධිකරණයට මේ බව දැනුම් දී තිබෙනවා.

පසුගිය සතියේ තරුණයෙකුට බරපතල ලෙස පහර දීමේ සිද්ධියේ චෝදනාවට සැකපිට හයේශිකා ප්‍රනාන්දුගේ ස්වාමියා සහ ආයතන කළමනාකාරවරයා කටාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණා.

අධිකරණය නියෝග කර තිබුනේ එම සැකකරුවන් ඊයේ දිනය තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

සිදුවීමේ ප්‍රධාන සැකකාරිය වූ ටීචර් අම්මාව අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබුනද ඇයව අත්අඩංගුවට ගැනීමට හැකි වුයේ නැහැ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *