BREAKING NEWS
Search

මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා

238

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය  ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව  සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

කවුරු හරි වෙන වෙන දේවල් කිරීමට හීන මවනවනම් ඒවාට ඉඩ නැති බව පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරු සල්ලි වලට ගන්න හදනවා නම් ඔක්කොම අල්ලා හිරේ දමන බවද  සඳහන් කළේය.

රාජපක්ෂවරු  වික්‍රමසිංහවරු සල්ලි ටොන් ගණන් බෙදල මන්ත්‍රීවරු බිලිබා  ගත් හැටි හොදින්  දන්නා බවත්  එය බොරුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

රත්නායක මහතා මෙසේ පැවසුවේ රේගු ආඥා පනතේ යෝජනා සම්මතය පිළිබඳ විවාදයේදීය.

ජාතික ජන බලවේගය දිනාගෙන ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9927ක් බවද අමාත්‍යවරයා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *