නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවෙනි අවස්ථාවෙන් පසුවත් කළු දුමාරයක්

720

නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේදී ඊයේ ආරම්භ කෙරුණි.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ පැවති රහසිගත ඡන්ද විමසීමේදී නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඡන්ද විමසීම අද පෙරවරුවේ යළි ආරම්භ කර තිබුණි.

ඡන්ද විමසීමෙන් අනතුරුව වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමගින් සංකේතවත් වන්නේ නව පාප් වහන්සේ තවමත් තේරී පත්වී නොමැති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *