ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට, පහක් රෝහලට

137

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක්  ඇල්ලේවැව මාර්ගයේදි  පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන් පස් දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි  මනම්පිටිය පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පැලටියාව  පදිංචිව සිටි  අනුහස් දිල්හාර යන අය බව පොලිසිය කියයි.

ටිපරයේ තට්ටුවට යටවීමෙන් ඔහු මියගොස් ඇතිි අතර, තුවාල ලැබූ සෙසු තරුණයන් මනම්පිටිය රෝහලෙන් පොළොන්නරුව මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇති රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මෙම අනතුර සිදුවන විට ටිපර් රථයේ තරුණයන් අට දෙනකු ගමන් කර ඇති බවත්, ඔවුන් වෙසක් කූඩු තරඟයක් සඳහා උණ බට කැපීමට ගොස්, ආපසු  නිවස් කරා එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *