පාසල් බස් රථයක් අනතුරකට ලක්වෙයි – 28ක් රෝහලේ

291

මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (25) උදෑසන මෙම අනතුර සිදුවී ඇති බව මහියංගනය පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *