BREAKING NEWS
Search

යෝෂිත සහ බිරිඳ සමග පැමිණි පිරිසක් කළ පහරදීමකින්, කොළඹ Night Club ආරක්ෂක නිලධාරියෙකුට තුවාල…

43
කොළඹ 02, උද්‍යාන පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ඊයේ (21) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ, ඔහුගේ බිරිඳ වන නිතීෂා ජයසේකර සහ තවත් පුද්ගලයන් අට දෙනෙකු පැමිණ තිබෙනවා.
එහිදී එම එම පිරිසේ එක් අයෙකු එම සමාජශාලාව තුල රැඳී සිටීම සඳහා අවශ්‍ය වන අත් පළඳනාවක් නොතිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුකළ විමසීමක් අතරතුරදී යම් බහින්බස් වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම බහින්බස් වීම අතරතුරදී ඔහු සමග පැමිණි අනෙකුත් අටදෙනා මෙම ආරක්ෂක නිලධාරියාට පහරදී ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ හිමිකාරිනිය විසින් කොම්පඤ්ඤ වීදිය පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් අද උදෑසන කොම්පඤ්ඤ විදිය පොලිසිය විසින් ස්ථානීය පරීක්ෂාවක්ද සිදුකර ඇති බවත්, ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් අප වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කලා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *