මේ පුවත අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක්ටම සතුටු හිතෙන පුවතක් වෙයි.
ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.
ඒ තුළින් හඳුනාගන්නා රෝග තත්ත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් ලබා දීමත්, මීට ආදාළ දීර්ඝ කාලීන වැඩසටහනක් වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය තුළ ගැබ්ව ඇති අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
එම දිගුකාලීන වැඩපිළිවෙළේ කෙටිකාලීන පියවරක් ලෙස “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන හඳුන්වා දිය හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ග්‍රාමීය ජනතාවට සුවසෙත සලසන “සුව උදාන” 05 වන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්.


















