BREAKING NEWS
Search

මල් පෝච්චි පෑගුවා කියා මටත් නඩු දාලා

312

පසුගිය වසරේ කාන්තා දිනය දා පොල්දූව මංසන්ධියේ පැවති උද්ඝෝෂණයකදී වතුර ප්‍රහාර කාගෙන පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය ගැන  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද සිහිපත් කළාය.

“ගිය අවුරුද්දේ මාර්තු අට මට සිහි වෙනවා.මෙතන ඉන්න කාන්තා මන්ත්‍රීවරියන් ඇතුළු අපේ කාන්තා මන්ත්‍රීවරියන්ට එදා උද්ඝෝෂණයකදී පොල්දුවේදී  වතුර ප්‍රහාරයකට ලක් වෙන්න වුණා.

මම එදා පාර්ලිමේන්තුවට ආවෙත් වතුර ප්‍රහාරය කාගෙන.මල් පෝච්චි පෑගුනා කියලා අපට විරුද්ධව නඩු පැවරුවා. තාම ඒ නඩුව අහනවා. අගමැති ලෙස සිටියදීත් මගෙන් ඊට මගෙන් කට උත්තර ගත්තා.ඒ අරගල හරහා තමයි අපත් මෙතෙන්ට ආවේ.

76 වසරක සාපය ගැන කියද්දී අප කතා කරන්නේ දේශපාලන සාපයක් ගැන.නැතිනම් ලෝකය වෙනස් වීමත් සමඟ රටේ ඇතිවුණු සංවර්ධනය අප නොතකන්නේ නැහැ” යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *