මේ කියන්න යන්නේ තවත් ඔවුන්ට විශේෂ වුණු එක් කාරණාවක් ගැන ඇසෙන කතාවක්..
ධීවර කාර්මිකයන් සඳහා හොඳ කල දවසක් උදාකර දීමේ රජයේ අරමුණ පෙරදැරි කරගනිමින් ඔවුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පාර්ලිමේන්තුවේදී පවසා තිබුණා..
“අපේ ධීවර ක්ෂේත්‍රයේ පසු අස්වනු හානිය සියයට හතළිහක් වෙනවා… පසු අස්වනු හානිය වැලැක්වීම සඳහා සීනෝර් ආයතනය සමඟ එක්ව අප සැලසුමක් සකස් කරනවා…
අයිස් කාර්මාන්තයේ ඒකාධිකාරයක් තිබෙනවා.. අප ඒ ඒකාධිකාරයත් කඩනවා.. සියලු ධීවර වරායන්වල අයිස් නිෂ්පාදන වැඩසටහන් අප අරඹනවා.” යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණා..




















