Latest Articles
Search

ලබන ජුනි මස 07 වනදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කරනවාදැයි සාකච්ඡා

64

රටපුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත රෝග තත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ගැනෙන තීරණාත්මක සාකච්ඡාව මීට ටික වෙලාවකට පෙර ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

Advertisement

ලබන ජුනි මස 07 වනදා දක්වා සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේදැයි යන තීරණය මෙම සාකච්ඡාවේදී ගැනීමට නියමිතයි.

Advertisement

දැඩි සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුලදී ලබාදුන් සහන කාලය තුල ජනතාවගේ හැසිරීම සතුටුදායක මට්ටමක නොතිබූ බව ආරක්ෂක අංශ සහ වෛද්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.

Advertisement

මේ අනුව ආරක්ෂක සහ වෛද්‍ය අංශ අවධාරණය කරන්නේ ඉදිරියේදී ලබාදීමට නියමිත සංචරණ සීමා ලිහිල් කළ දින දෙක සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසයි.

Advertisement

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මේ මොහොතේ ජනාධිපතිවරයා සහ කොවිඩ් කාර්ය සාධන බලකා සාමාජිකයින් අතර පැවැත්වෙන සාකච්ඡාවේදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති.

Advertisement
Advertisement
Advertisement



Leave a Reply

Your email address will not be published. Required fields are marked *