BREAKING NEWS
Search

මීට පස්සේ පොලීසියත් එක්ක සෙල්ලම් බෑ

728

රථ වාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර මනෝජ් රණවල මහතා පවසයි.

රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බව ද සදහන් කරයි.

මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතින බවත් මේ තුළින් රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය සහ මෝටර් රථයේ අංකය ඇතුළු තොරතුරු රැසක් මේ හරහා ලබාගත හැකි බවත් පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *