BREAKING NEWS
Search

රසික හදවත්වල සුන්දර මතකයක් වුණු ඇගේ අවසන් කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි..

2297
සුන්දර සිනහවකින් මුව සරසාගත් පුංචි තිරය හැඩකළ අවිහිංසකාවිය, සුසන්තා චන්ද්‍රමාලි, අද ඇය ජීවන රඟමඩලට සමුදුන්නා..
1986 වසරේ සිට මෙරට කළා නිර්මාණ රැසකට සිය සක්‍රීය රංගන දායකත්වය ලබාදුන් ඇය, ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නිර්මාණවලින් රසික හදවත් දිනාගැනීමට සමත් වූ තාරකාවක්..  කන්දේ ගෙදර  ,මතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල සහ සුජාතා අදී ටෙලි නිර්මාණවලින්  රසිකයින්ගේ සිත් සතන් තුළ නොමැකන මතකයක් බවට පත්වුණ සුසන්තා, ටෙලි නිර්මාණ  සේම සරෝජා, රන්කෙවිට, ප්‍රවේගය, ජයපිට ජය ආදී සිනමාපට ගණනාවකින්ද රසිකයින් අතරට පැමිණියා..

මිය යන විට 61 වැනි වියේ පසුවුණ මේ ප්‍රවීණ කලාකාරිණිය, කලක් රෝගාතුරව සිටි අතර ඇගේ පවුලේ ඥාතීන් පැවසුවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීම මෙලෙස ඇය මියගොස් ඇති බවයි..

ඇගේ දේහය මේ වන විට කඩුවෙල පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා..   මේ ප්‍රවීණ කලාශිල්පිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට [3] ගැමුණුපුර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි ඇගේ දියණිය තිසුරි යුවනිකා පැවසුවේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *