BREAKING NEWS
Search

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියගේ තවත් ඡායාරූප පෙළක් එළියට

1647
ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියගේ තවත් ඡායාරූප පෙළක් මාධ්‍යයට මුදා හැර තිබෙනවා.

මේ අතර අදාළ සැකකාරිය රටින් පළාගොස් නැති බවට පොලිසියට තොරතුරු අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සැකකාරිය සිටි බවට සැක කෙරෙන මතුගම ප්‍රදේශය ඇතුළු ස්ථාන කිහිපයක පොලිස් විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළේ, ඇය අත්අඩංගුවට ගැනීම සඳහායි.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ සිටියදී නීතිඥවරයෙකු ලෙස වෙස් වළාගත් පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 19 වැනිදායි.

වෙඩි තැබීම කළ කමාන්ඩෝ සමිඳු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු මේ වන විට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කරන ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇති අතර මෙම ඝාතනය මෙහෙයවූ මහ මොළකරු ලෙස සැළකෙන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාර කාන්තාව පිළිබඳව ද තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් ඇය තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, සැකකාර කාන්තාව සැඟව සිටි බවට සැක කෙරෙන දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක් ඊයේ දිනයේ දී විශේෂ කාර්ය බළකායේ සෝදිසියට ලක්වුණා.

එමෙන්ම ඇය මතුගම ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

පොලිසිය පැවසුවේ, මෙතෙක් කළ විමර්ශනවලට අනුව ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රටින් පිටව ගිය බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

No description available.

No description available.

No description available.

No description available.





Leave a Reply

Your email address will not be published. Required fields are marked *