BREAKING NEWS
Search

දතක් ගැලවූ තරුණයෙක් මරුට

361

බලංගොඩ නගරයේ පෞද්ගලික දන්ත ශල්‍යාගාරයකින් දතක් ගැලවීමෙන් පසුව ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ බලංගොඩ බටුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 31ක පුද්ගලයෙක්.

දත ගැලවීමෙන් පසුව ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව රෝහල්ගත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහුට දත ගැලවීමට පෙර කිසිදු රෝගයක් නොතිබුණු බවයි අදාළ පුද්ගලයාගේ බිරිඳ පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *