BREAKING NEWS
Search

පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානයෙන් දුක හිතෙන නිවේදනයක්

530

අසනීප තත්ත්වයකින් පීඩා විඳින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව වතිකානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, නියුමෝනියා තත්ත්වය හමුවේ රක්තහීනතාවය හා සම්බන්ධ අඩු පට්ටිකා ප්‍රමාණය හේතුවෙන් උන්වහන්සේ රුධිර පාරවිලයන ලබාගෙන ඇති බවයි.

88 හැවිරිදි උන්වහන්සේගේ පෙනහලුවල ඇති වූ නියුමෝනියා රෝගී තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් පසුගිය දා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කෙරුණා.

කෙසේ වෙතත්, පාප් වහන්සේ විසින් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබද විවෘතභාවය ඉල්ලා ඇති හෙයින් එම ඉල්ලීම මත වතිකානය විසින් දිනපතා ප්‍රකාශයක් නිකුත් කිීරීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *