ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරුගේ පෙම්වතිය අත්අඩංගුවට

3182

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුගේ පෙම්වතිය යැයි කියන කාන්තාවක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට ඇය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමෙන් පසු වෙඩික්කරු තම පෙම්වතියද රැගෙන රටින් පිටවීමට සූදානම්ව සිට ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

ඒ සදහා ඇයව මීගමුව ප්‍රදේශයට රැගෙන යෑමට පුද්ගලයෙක් මහරගම ප්‍රදේශයට පැමිණ තිබේ.

පොලීසිය විසින් එම පුද්ගලයාවද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත එම අත්අඩංගුවට ගැනීම් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *