BREAKING NEWS
Search

ඔයාගේ ගමන්මල්ල මාරුවෙලා කෝටි 7ක් වටිනා මල්ලක් හම්බ වුණොත් කොහොමද?

287

රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමකින් යුත් කුෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සිගිරි පැමිණි තායිලන්ත කාන්තාවක 13 දින දහවල් සීගිරිය පොලිසිය වෙත භාරදී ඇතැයි සීගිරිය පොලිසිය කියයි.

තායිලන්තයේ සිට සංචාරකයන් දාහත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් 12 කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණ ඇත්තේ 12 දින සංචාරයකට බවත් ඔවුන් බස් රථයකින් සීගිරිය ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ගමන් මලු පරික්ෂා කිරීමේදී සංචාරක කාන්තාවකගේ ගමන් මල්ල මාරු වී යැයි කියන ඇය එම ගමන් මල්ල විවෘත කර බැලීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවීමත් සමග තමන් පැමිණි සංචාරක සමාගමේ මග පෙන්වන්නා සමඟ සීගිරිය පොලිසියට පැමිණ මේවා භාර දුන් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී රුක්මල් තෙන්නකෝන් මහතා සඳහන් ක්ළේය.

ගමන් මල්ලේ ඉතා සූක්ෂම කළු පැහැති පොලිතීන් බෑග් වල ග්‍රෑම් 600 බැගින් කුෂ් නමැති මත්ද්‍රව්‍යය පැකට් විසි තුනක් පොලිසිය පරීක්ෂා කිරීමේදී හමු වූ බව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් එස් .එස් .ඩබ්ලිව් .එම් .යු .කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.

දඹුල්ල සහ අවට ප්‍රදේශවලින් ඉතිහාසයේ හමු වැඩිම ද්‍රව්‍යයේ ප්‍රමාණය මෙය බව පොලිසිය සඳහන් කරයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය භාර දුන් තායිලන්ත කතගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් බස් රථයේ රියදුරුත් සංචාරක මඟ පෙන්වන්නාගෙන්ද ප්‍රකාශ ලබාගත් බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *